අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී ඊයේ (12) දිනයේ දී පමණක් වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දී පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව බීමත් රියදුරන් 34 දෙනෙකු, අපරික්ෂාකාරී රිය පැදවීම්වලට සම්බන්ධ 33 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වෙනත් රථවාහන වැරදිවලට අදාළව පුද්ලයින් 3709 දෙනෙකු සදහා ද නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ පමණක් දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 26,985 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා.

