ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සපයනු ලබන සේවාවන් සඳහා සංශෝධිත ගාස්තු ව්‍යුහයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විදේශ සංචාර සහ ඒ ආශ්රිත තත්‍ය කාලීන සේවාවන් සඳහා පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා දැන් රු. 5,000 ක මුදලක් ගෙවීමට සිදු වනවා.
එසේම, විකාශන බලපත්‍ර සඳහා ගාස්තු කාලය මත රඳා පවතින අතර, එහි දී පැය 6ක් දක්වා රු. 500ක්, පැය 6 සිට 12 දක්වා රු. 1,000ක් සහ පැය 12කට වැඩි කාලයක් රු. 2,000ක් ගෙවිය යුතු වනවා.
මේ අතර මැදපෙරදිග රටවල් සඳහා කොට්ඨාශ පොලිස් ස්ථාන මගින් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා රු. 500ක් අය කෙරෙන අතර, ගෘහස්ත කටයුතු සඳහා ස්ථානාධිපතිවරයා විසින් නිකුත් කරන වාර්තා සඳහා රු. 300ක් අය කෙරෙනවා.
පැමිණිලි පිටපතක් ලබා ගැනීමේ දී එක් පිටපතක් රු. 50ක් වනවා.

