ඡන්ද හිමි නාමලේඛනය ප්රතිශෝධනය කිරීමේ කටයුතු මේ වන විට එහි අවසන් අදියරේ පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.
ඒ පිළිබඳව පවතින හිමිකම් සහ විරෝධතා දිස්ත්රික් මට්ටමින් ඉදිරිපත් කළ අයට ඊට අදාළ පරීක්ෂණ කටයුතු එම දිස්ත්රික්ක භාර සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් මේ දිනවල සිදුකරමින් සිටින බව යි හෙතෙම සඳහන් කළේ.
එම කටයුතු අවසන් වූ වහාම 2025 වසරට අදාළ ප්රධාන ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට කටයුතු කිරීමට නියමිතයි.

