Charlie Kirk වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු සහ ට්‍රම්ප් හිතවාදියෙක් වූ චාලි කර්ක් (Charlie Kirk) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අමෙරිකාවේ Utah ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

වෙඩි තැබීම ඔහු සිටි ස්ථානයට මීටර් 180ක් පමණ දුරින් සිට සිදු කරන්නට ඇතැයි අනුමාන කරන අතර මෙතෙක් වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වන චාලී කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වමින් තරුණ පිරිස් ගේ අවධානය දිනා ගත්තා.

31 හැවිරිදි වියේ පසු වූ චාලි කර්ක්ගේ ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පල කර තිබෙනවා.

එහි දී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ මෙම කුරිරු ඝාතනය ගැන තමා ශෝකයෙන් හා කෝපයෙන් පිරී ඇති බවත්, මෙය ඇමරිකාවට අඳුරු මොහොතක් බවත් ය.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ ධජ ලබන ඉරිදා සවස 6.00 වන තෙක් අඩකුඹු කිරීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇත.