චීන ජාතිකයන්ට Nasa තහනම් වෙයි

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන Nasa, වලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට එහි සේවය කිරීම සීමා කර තිබෙනවා.

කොන්ත්‍රාත්කරුවන් ලෙස හෝ පර්යේෂණ සඳහා දායක වන සිසුන් ලෙස පමණක් මින් පෙර චීන ජාතිකයන්ට Nasa හි සේවය කළ හැකි වූ නමුත් සැප්තැම්බර් 5 වන දින සිට එය ද නවතා දමා තියෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Nasa සඳහන් කරන්නේ ඔවුන්ගේ පරියේෂණ සහ ගවේෂණ කටයුතු වල ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.

චීනයේ වේගවත් අභ්‍යවකාශ වැඩසටහන ඇමරිකාවේ Nasa වලට අභියෝගයක් වෙමින් පවතින පසුබිමකයි Nasa මෙම තීරණය ගෙන ඇත්තේ.