ඊයේ පැවති Apple හි “Awe Dropping” වැඩසටහනේ දී ලෝකයම මෙතෙක් බලා සිටි iPhone 17 නිකුත් වුණා.
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකරනු ලැබුවා.
මෙම series එක සඳහා iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro Max යන දුරකථන ඇතුලත් වනවා.

මෙම දුරකථනය සැප්තැම්බර් 19 වන දා සිට වෙළඳපොලේ මිල දී ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.
iOS 26 වලින් මෙම දුරකථන බලගන්වා ඇති අතර call screening සහ live translation ඇතුළු AI විශේෂාංග ද මෙයට ඇතුලත් කර තිබෙනවා.
iPhone 17 Air වල විශේෂත්වය වනුයේ එය 5.5–6mm ක ඝනකමකින් යුතු Ultra-thin දුරකතනයක් වීමයි. මෙහි බැටරියේ කල්පැවැත්ම වැඩි කිරීම සඳහා මෙයට battery case එකක් ද Apple විසින් හඳුන්වා දී තිබෙනවා. මේ සඳහා භාවිතා කළ හැකි වෙන්නේ eSIM පමණක් වනවා.

