නේපාල රජය විසින් පසුගිය දා Facebook, WhatsApp, X ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට පැනවූ තහනම ඉවත් කර තිබෙනවා.
ඒ නේපාල තරුණයන් විසින් ඊයේ සිදු කළ විරෝධතා වලට ප්‍රතිචාරයක් ලෙසයි.
ඊයේ දිනයේ තරුණයන් දහස් ගණනක් සඳුදා කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූ අතර, දූෂණයට එරෙහිව සටන් කරන ලෙස ද ඉල්ලා සිටියා.
එහි දී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අගනුවරින් පිටත නගරවල ද පැවති විරෝධතාවලදී පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

