Elon Musk ලෝකයේ පළමු ට්‍රිලියනපතියා වෙන ලකුණු

Tesla සමාගමේ හිමිකාරිත්වය දරන Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා වෙතැයි පුරෝකථනය කර තිබෙනවා.

ඒ ඉදිරි දශකය තුළ Tesla සමාගම සිය අරමුණු වලට යන්නේ නම් Elon Musk ට ලබා දීමට නියමිත ඩොලර් ට්‍රිලියන 1කට වඩා වැඩි වැටුප් පැකේජයත් සමඟයි.

එම අරමුණු අතර ටෙස්ලා හි වටිනාකම අට ගුණයකින් වැඩි කිරීම, කෘතිම බුද්ධි රොබෝවරුන් මිලියනයක් විකිණීම,  සහ තවත් ටෙස්ලා මෝටර් රථ මිලියන 12 ක් විකිණීම වනවා.

Musk දැනට කිසිදු වැටුප් හෝ දීමනාවක් ලබා නොගන්නා අතර ඒ වෙනුවට මෙම ඉලක්කා සපුරා ගන්නේ නම් ඔහුට ඩොලර් ට්‍රිලියන 1 ක් වටිනා කොටස් ප්‍රදානය කරනු ලැබෙනවා.

මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 430 ක වත්කමකින් යුතු Elon Musk දැනට සිටින ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙනවා.