මේ රස්නේ හදමුද ඇඟ කූල් වෙලා යන කෝමාරිකා juice එකක්

මේ දවස් වල තියෙන රස්නෙත් එක්ක අපේ සම වේලිලා වගේ නේ තියෙන්නේ. ඉතීම් අපේ සමට ඇතුලතින් ම තෙතමනයක් ලබා දෙන්න පුළුවන් හොඳ දෙයක් තමයි කෝමාරිකා පානය කියන්නේ.

ඒ වගේම ගැස්ට්‍රයිටිස් රෝගය සඳහාත් මේක හරිම හොඳයි.

වෙළඳපොලේ කෝමාරිකා juice ගොඩක් ගන්න තිබුණත් ඒවායේ අඩංගු අධික සීනි ප්‍රමාණය සහ අඩු කෝමාරිකා ප්‍රතිශතය නිසා ඒවා ගන්න එක ගැන දෙපාරක් හිතන්න ඕනේ.

ඉතින් අද අපි බලමු කොහොම ද ලේසියෙන් ගෙදරදීම කෝමාරිකා juice එකක් හදා ගන්නේ කියලා.

අවශ්‍ය දේවල්

කෝමාරිකා පිති දෙකක්.
වතුර වීදුරුවක්.
ලෙමන් යුෂ ස්වල්පයක් (දෙහි වුණත් කමක් නැහැ)

හදන විදිහ

මුලින්ම කෝමාරිකා පිති  දෙක හොඳින් සෝදා පිරිසුදු කර ගන්න.පසුව එහි දෙපස දාර පිහියකින් කපා ඉවත් කරන්න.දැන් එය සාමාන්‍ය කොටස් වලට හරස් අතට කපන්න .වතුර බඳුනක දමා පැය භාගයක් තබන්න.ටික වේලාවක් යන විට කෝමාරිකා පිත්තෙහි ඇති තිත්ත ඉවත් වී වතුර බඳුන අව පැහැයට හැරෙනවා .

පසුව පැය භාගයකින් ඒ කෝමාරිකා අවපැහැ ජලය  ඉවත් කර නැවත වතුරෙන් සෝදන්න. පසුව පිහියක් ගෙන දෙපස පොත්ත ඉවත් කර ඉවත් කර මාංශය කුඩා කැබලි වලට වෙන් කරගන්න . පසුව ඊට වතුර මේස හැඳි දෙකක් පමණ එක් කර එක්කර බ්ලෙන්ඩර් කර ගන්න.

ඊළඟට මේ මිශ්‍රණයට වතුර ස්වල්පයක් සහ දෙහි යුෂ ටිකක් මිශ්‍ර කර පානය සඳහා පිළියෙල කර ගන්න පුළුවන්. අවශ්‍ය නම් සීනි ටිකක් රස අනුව මිශ්‍ර කර ගන්න පුළුවන්.

නමුත් සීනි මිශ්‍ර නොකරන තරමට ගුණදායක බව වැඩියි .

විශේෂයෙන් ම සතියේ දින කිහිපයක් ම උදේ වරුවේ මේ පානය කිරීමෙන් වඩාත් ප්‍රතිඵල ලැබෙනවා .