අද ප්‍රදේශ දහයකට ඉර මුදුන් වෙයි

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

ඒ අනුව අද දින දහවල් 12:08 ට අහුන්ගල්ල, ඇල්පිටිය, අමුගොඩ, තවලම, දෙනියාය, ඌරුබොක්ක, ඇඹිලිපිටිය, සූරියවැව, බෙරලිහෙල සහ ගල්කඩුව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.