මිලාද් උන් නබි උත්සවය අදයි

ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (05) යෙදී තිබෙනවා.
ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් ඉස්ලාම් බැතිමතුන් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබනවා.
සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේ ක්‍රිස්තු වර්ෂ 570 දී උපත ලබා තිබෙනවා.
මුස්ලිම්වරුන් විශ්වාසය කරන්නේ ඔහු ඉස්ලාමීය දින දර්ශනයට අනුව තෙවැනි මාසය වන රබී අල්-අව්වල් (Rabi’ al-Awwal) හි 12 වැනි දින උපත ලැබූ බවයි.
කුඩා කළ සිටම සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඔහු හතලිස්වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි.