Google බිඳ වැටෙයි

Google අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ඇතැම් රටවලට මේ වනවිට අවහිර වී ඇතැයි වාර්තා වෙනවා.

දකුණු සහ ගිනිකොනදිග යුරෝපයේ රටවලට, තුර්කියේ පරිශීලකයන්ට Gmail, YouTube අඩාල වී ඇති බවයි වාර්තාවන්නේ.

එසේම නිව්යෝර්ක් සහ චිකාගෝ ඇතුළුව අමෙරිකාවේ ඇතැම් නගරවල ද ගූගල් අක්‍රිය වී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් Google නිල වශයෙන් නිවේදනයක් තවම සිදු කර නැහැ.