2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැක.
විභාග අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැක.
එසේම අදාළ විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට ද පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අද (04)දිනයේ සිට අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හැකි අතර අපේක්ෂකයින්ගේ කේවල සහතික පත්, අභියාචනා සලකා බැලීමෙන් පසු පාසල් වෙත තැපැල් මඟින් යොමුකිරීමට නියමිතය.
පසුගිය අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවතුනා.
ඒ සඳහා ශිෂ්‍යයන් 303,670 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා.

