ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු 20-20 තරඟය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම, ඉති­හා­සයේ පළමු වරට අද (3) සිම්බා­බ්වේ දී 20-20 තර­ග­ය­කට එක්වනවා.

තරග 3කින් මෙම තර­ගා­ව­ලිය පැවැත්වෙනවා.

එහි පළමු තර­ගය අද මෙරට වේලා­වෙන් පස්වරු 5.00ට හරාරේ ක්‍රීඩාං­ග­ණ­යේ දී ආරම්භ වීමට නිය­මි­තයි.

දෙපිලම 20-20 තරග ඉති­හා­සයේ ද්විපා­ර්ශ්වික තර­ගා­ව­ලි­ය­කින් එක්වන දෙවැනි අව­ස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

පසු­ගිය වසරේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේ දී පළමු වරට දෙපිල 20-20 තර­ගා­ව­ලි­යක් ක්‍රීඩා කරනු ලැබුවා.