චීන ජනාධිපති ෂී ජින්පිං රුසියානු සහ උතුරු කොරියානු නායකයින් සමඟ එක්ව එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්රණය කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් චෝදනා කර තිබෙනවා.
චීනයේ හමුදා ශක්තිය විදහා දක්වමින් බීජිං හි පැවති විශාලතම ජයග්රාහී දින පෙළපාලියට රුසියාවේ සහ උතුරු කොරියාවේ නායකයන් සහභාගී වී ඇති පසුබිමකයි ට්රම්ප් මෙම ප්රකාශය සිදු කර ඇත්තේ.
“Please give my warmest regards to Vladimir Putin and Kim Jong Un as you conspire against the United States of America.” (“ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්රණය කරන විට කරුණාකර ව්ලැඩිමීර් පුටින් සහ කිම් ජොන් උන්ට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන්න.”) යනුවෙන් ට්රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් එක් කර තිබෙනවා.

