ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයකුන් පුද්ගලයන් 800ක් ජීවිතක්ෂයට

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 800 ක් මිය ගොස් 2,500 ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පකිස්ථාන දේශසීමාව අසල නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ රික්ටර් මාපකයේ 6 ක භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.

මෙම භූ කම්පනයේ පසු කම්පන අසල්වැසි පාකිස්තානයට සහ ඉන්දියාව තරම් දුර බැහැර ප්‍රදේශවලට ද දැනුනු බවයි සඳහන් වෙන්නේ.

මේ වන විට සුන්බුන් වලට යට වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂරෆත් සමාන් සඳහන් කරන්නේ ප්‍රදේශයේ ඇතැම් ගම් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති බවයි.