හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 දා නැවත කැඳවීමට නියමිත බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනවා.
පොදු දේපළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අද (26) දිනයේ දී නැවත කැඳවනු ලැබීය.
එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබුවා.

