හෙට ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා

හෙට (25) දිනය සඳහා වලංගු වන පරිදි, අද (24) ප.ව. 03.30 ට නිකුත් කරන කාලගුණ නිවේදනයේ මේ බව දැක්වෙනවා.

ඒ අනුව උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස එහි දක්වා තිබෙනවා.

එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවය.