ප්‍රදේශ කිහිපයක හෙට අවධානය යොමු කළ යුතු උෂ්ණත්වයක්

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (22) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට දිනය සඳහා වලංගු වන පරිදි අද (21) පස්වරු 3.30ට නිකුත්කරන ලද නිවේදනයක මේ බව දක්වා තිබෙනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.