මේ වසරේ පැමිණි මුළු සංචාරකයන් සීමාව ලක්ෂ 15 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා 1,500,656ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 132,368 ඉක්මවා මෙරටට පැමිණ තිබෙනවා.