ගාසා තීරයේ සටන් විරාමයක් සහ ඊශ්‍රායලය සමඟ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් සඳහා ගෙන ආ නවතම යෝජනාවට හමාස් සංවිධානය විය එකඟත්වය පළ කර තිබෙනවා.
මෙම සටන් විරාමය, ඊජිප්තුව සහ කටාර් විසින් ඉදිරිපත් කරන ලද අදියර දෙකකින් යුතු පුළුල් ක්‍රියාවලියක් වන අතර එය ඇමරිකානු තානාපති ස්ටීව් විට්කොෆ් විසින් තවත් පුළුල් කර තිබෙනවා.
දින 60 ක තාවකාලික සටන් විරාමයක් වන මෙය තුළ අදියර දෙකකින් ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනාගෙන් අඩක් පමණ හමාස් විසින් නිදහස් කිරීමට නියමිතයි.
එසේම එම කාලය තුළ ස්ථිර සටන් විරාමයක් සහ ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම සටන් විරාම යෝජනාව සඳහා සහ හමාස් හි එකඟත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය තවමත් අදහස් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

