උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිළධාරීන් විසින් පහරදුන් බවට සහ එම කඳවුරට ඇතුළු වූ තවත් තරුණයෙකු ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයා ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල වුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විමර්ශන සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
කෙසේවෙතත් අදාළ තරුණයා මියයාමට විරෝධය පළ කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ මෙම හර්තාල් ව්‍යාපාරයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම හර්තාල් ව්‍යාපාරය සදහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහය පළ කර තිබෙනවා.

