ඉන්දියාව යටතේ පාලනය වන කාශ්මීරයේ හින්දු බැතිමතුන්ට නවාතැන් දෙන කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ චොසිටි ගම්මානයේ හදිසි ගංවතුරක් ඇති වී තිබෙනවා
මෙම ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 46 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වන්දනාකරුවන් දුසිම් ගනනක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර නමුත් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔවුන් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
ගංවතුර හේතුවෙන් මාර්ගයක් ද කැඩී ගොස් ඇති බව වාර්තා වෙනවා.

