ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද

ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබෙනවා.

ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත.

මේ වසරේ තේමාව ලෙස ඉන්දියාව ගෙන ඇත්තේ “Naya Bharat” හෙවත් අලුත් භාරතයක්/ඉන්දියාවක් යන්නයි.

එය 2047 වන විට ඉන්දියාව සංවර්ධිත ජාතියක් බවට පත් කිරීමේ රජයේ දැක්ම සහ ඉන්දියාවේ ප්‍රගතිය, ආරක්ෂාව සහ එකමුතුකම ඉස්මතු කරනු ලබනවා.
නිදහස් දිනය වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේ දි සිදුකිරීමට නියමිතය.

මෙහිදී අගමැති මෝදි පෙ.ව. 7.30ට ඉන්දීය ජාතික ධජය ඔසවා ජාතිය අමතනු ඇත.

මෙහි දී 105mm Light Field Guns භාවිතයෙන් වෙඩිමුර 21 ගෞරවාර්ථ උත්සවයක් පවත්වනු ලබනවා.

මෙම රාජ්‍ය උත්සවයේ දී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල්තැනක් ලබා දී ඇති අතර, ඒ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිප දෙනෙකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක්කිරීමටද නියමිතය.