ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පවතින ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මිලියන 1.7 කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ.
පට්නා අගනුවර ඇතුළු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 10 කට මෙම ගංවතුරින් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාන්තයේ ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පහත් බිම් ප්‍රදේශ දැඩි ලෙස ජලයෙන් යටවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෝසි, බග්මති, බර්හි ගන්දක් සහ පුන්පුන් අඛණ්ඩ ඉහළ ජල ප්‍රවාහයක් ඇති ගංගා අතර වනවා.

