අපරාධ ගැන ක්ෂණිකව දැනුම් දෙන්න අලුත් WhatsApp අංකයක්

මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 071 – 8598888 යන නව WhatsApp දුරකථන අංකය ඔස්සේ ඒ බව දැනුම් දිය හැකි වනවා.

මෙම WhatsApp දුරකථන අංකය ඔස්සේ මහජනතාවට පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවිඩ ලබා දීම, වීඩියෝ දර්ශන හා ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිතා කළ හැකි අතර, දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවයි දැනුම් දෙන්නේ.

එසේම  පොලිස් නිලධරයන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටළු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව පවතිනවා.