රුපියලේ සුළු වෙනසක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.10 සිට රු. 297.05 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 304.61 සිට රු. 304.71 දක්වා ඉහළ ගොස් තිබෙනවා.