දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා මෙම විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව හිමි වනවා.
යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා දැනුම් දුන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීම සිදු වනු ඇත.
මේ අතර හෙට (06) දිනයේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
තව ද පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ දුම්කොළ බදු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට ද නියමිත බවයි.

