රුපියලේ සුළු ඉහළ යෑමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.17 සිට රු. 297.43 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 305.78 සිට රු. 305.09 දක්වා අඩු වී තිබේ.