වසරේ මේ දක්වා වෙඩි තැබීම සිද්ධි 76ක්

වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර අද (03) උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ ද වෙඩි තැබීමේ සිද්ධියක් සිදු වී තිබෙනවා.