රුසියාවට හතරවෙනි සුනාමි රළත් කඩා වදී

රුසියාවේ සකාලින් කලාපයේ Severo-Kurilsk නගරයට සිව්වන සුනාමිය රළ පහර පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුනාමි රළ මීටර් තුනක් (අඩි 9.8) ඉක්මවූ බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් එම රළ දුර්වල එකක් බවයි සෙවෙරෝ-කුරිල්ස්ක් කලාපයේ නගරාධිපති ඇලෙක්සැන්ඩර් ඔව්සියානිකොව් සඳහන් කර ඇත්තේ.

තුන්වන රළ පහර වඩාත් විනාශකාරී එකක් වී ඇති අතර එය වරාය යටිතල පහසුකම් වලට හානි කර තිබෙනවා.

සුනාමි අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම මේ හේතුවෙන් එම නගරයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.