නාමල්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව එම නඩුව අද කැදවු අවස්ථාවේ මන්ත්‍රීවරයා අධිකරණයට හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට විදෙස් ගතව සිටින බව යි වාර්තා වෙන්නේ.