දින හතරක් පුරා පැවති ගැටුමක් අවසන් කිරීම සඳහා වූ උත්සාහයක් ලෙස තායිලන්තය සහ කාම්බෝජය සඳුදා මැලේසියාවේදී සාකච්ඡා පැවැත්වීමට එකඟ වී තිබෙනවා
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැවසුවේ තායිලන්තයේ, වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායිගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් මේ සඳහා සහභාගී වන බවට දැනුම් දුන් බවයි.
මෙම සාකච්ඡා සඳහා කාම්බෝජ අගමැති හම් මැනට් ද සහභාගී වන බවට මැලේසියාව විසින් තමන්ට දන්වා ඇති බව ද එහි දී තායි රජය සඳහන් කර තිබෙනවා.
ජූලි 24 වන දින දෙරට අතර දේශසීමා සටන් ඇති වූ දා සිට අවම වශයෙන් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 33 දෙනෙකු මිය ගොස් ඇති අතර තායි සහ කාම්බෝජ ජාතිකයන් දහස් ගණනක් අවතැන් වී තිබෙනවා.
දුර්වල හමුදාවකින් යුතු කාම්බෝජය මින් පෙර ද ක්ෂණික හා කොන්දේසි විරහිත සටන් විරාමයක් යෝජනා කරනු ලැබුවා.

