දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම ගැන වූ විවාදය අගෝස්තු 05

ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (24) නිවේදනය කරනු ලැබුවා.

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව මෙම යෝජනා සම්මත විවාදය පැවැත්වෙනු ඇත.