WTC 2027, 2029 සහ 2031 සත්කාරකත්වය එංගලන්තයට

ලෝක ටෙස්ට් ශූරතාවේ (WTC) 2027, 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා.

සිංගප්පූරුවේ පැවති ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය අනුමත කර තිබේ.

2027 අදියරේ අවසන් මහා තරගයේ සත්කාරකත්වයට ඉන්දියාවේද බලාපොරොත්තුවක් තිබූ පසුබිමකයි ICC විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක් වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම (2023, 2025) අවසන් මහා තරග සඳහා ද සත්කාරකත්වය ලබාදී ඇත්තේ එංගලන්තය වීම විශේෂත්වයක්.