තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 50-60ක් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙම සුළං තත්ත්වය හැතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමස පැ.කි.මී 30-40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.