මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 30 වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ජුලි මස 25 වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවය.
ජුලි මස 30 වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරනවා.
මේ අතර, පෙරහැර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.
පෙරහැර පැවැත්වෙන දිනයන් පහතින්,


