ඇමරිකාව සහ ඉන්දියාව වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න යයි

ඇමරිකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමක් ඇති කිරීමට ඉතා ආසන්න බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

රියල් ඇමරිකාස් වොයිස් ගුවන් විදුලි නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරි වෙළඳ ගිවිසුම් පිළිබඳව විමසූ විට ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා.

ඉතා ඉහළ තීරුබදු පැනවීමට පෙර එකඟතාවයකට පැමිණීමේ අරමුණින් පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබෙනවා.

පුළුල් වෙළඳ ප්‍රතිපත්ති පියවරක කොටසක් ලෙස ට්‍රම්ප් අප්‍රේල් 2 වන දින ප්‍රථම වරට ඉන්දියානු භාණ්ඩ සඳහා 27% ක තීරුබදු ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පසුව එය ක්‍රියාත්මක වීම ලබන අගෝස්තු 1 වන දා දක්වා කල් දමනු ලැබුවා.