වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ වෙඩි තැබීම් 68 න් 50 ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් වාර්තා වූ වෙඩි තැබීම් බවට අනාවරණ වී තිබෙනවා.
කොළඹ දී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා මේ බව ප්‍රකාශ කළා.
ඉන් 37 දෙනෙකු මියගොස් ඇති අතර, 34 දෙනෙකුම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
වෙඩි තැබීම් 68 ට අදාළව වෙඩික්කරුවන් 24 සහ වෙඩික්කරුවන් පැමිණි වාහන සහ යතුරුපැදිවල රියදුරන් 15 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වසරේ මේ දක්වා ටී 56 ගිනි අවි 23 ක් ඇතුලුව ගිනි අවි 1165 ක් පොලිසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහි දී සදහන් කළා.

