ලෝක ප්‍රසිද්ධ පොප් ගායක Justin Bieber විසින් අවුරුදු හතරකට පමණ පසුව නව ගීත ඇල්බමයක් එළි දක්වා තිබෙනවා.
Swag ලෙස නම් කර ඇති මෙහි Dadz Love, Devotion සහ Therapy Session ඇතුළු ගීත 20ක් අඩංගු වනවා.
මෙම නව ඇල්බමය ඔහුගේ හත්වන ඇල්බමය වනවා.
ඇල්බමයේ බොහෝ ගීත මාතෘකා ඔහුගේ ක්‍රිස්තියානි ඇදහිල්ලට අනුකූලව භක්තිය, සමාව දීම ඇතුළු ආගමික තේමාවන් ස්පර්ශ කරන බවයි සඳහන් වෙන්නේ.
එසේම 2024 වසරේ දී උපත ලැබූ ඔහුගේ පුත් Jack Blues Bieber, ඔහුගේ නව පිතෘ භූමිකාව සහ ඔහු සහ ඔහුගේ බිරිඳ Hailey Bieber අතර වූ සම්බන්ධය ද මෙම ගීත හරහා ප්‍රකට කර තිබෙන බව සඳහන්.
පසුගිය පියවරුන්ගේ දිනයේ මෙහි එක වීඩියෝවක් රූගත කෙරුණු අතර එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස සංසරණය වුණා.
එය අන්තර්ජාලය හරහා නැවත සංස්කරණය කරන ලැබූ අතර එය මෙම නව ඇල්බමය ප්‍රවර්ධනේ කොටසක් ලෙස භාවිතා කර තිබෙනවා.
Gunna, Sexyy Red, Lil B, Cash Cobain, Druski, Dijon, සහ Eddie Benjamin යන ලෝක ප්‍රසිද්ධ ගායකයන් සමඟ එකතු වී සකසා ඇති මෙම ඇල්බමය නිෂ්පාදනය කර ඇත්තේ Carter Lang, Dylan Wiggins, Daniel Caesar, mk.gee යන අයයි.
මෙම නව ඇල්බමය සඳහා ඔහුගේ රසිකයන් මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබෙනවා.

