රුපියල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (ජූලි 11) දින ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.06 සිට රු. 296.85 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 304.66 සිට රු. 304.43 දක්වා අඩු වී තිබෙනවා.