පසුගිය සිකුරාදා මධ්‍යම ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.
එසේම තවත් පුද්ගලයන් බොහොමයක් තවමත් අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වැසි සහ ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් වලට බාධා එල්ල වී තිබෙනවා.
ග්වාඩලූප් ගඟ විශාල ගංවතුරක් බවට පත් වුණු කෙර් ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊට වැඩිහිටියන් 56 දෙනෙකු සහ ළමුන් 28 දෙනෙකු ඇතුලත්වනවා.
මිය ගිය පිරිසෙන් වැඩිහිටියන් 22 දෙනෙකු සහ ළමුන් 10 දෙනෙකු තවමත් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ජාතික කාලගුණ සේවයේ (NWS) අයවැය කප්පාදුව ආපදා ප්‍රතිචාරයට බාධාවක් විය හැකි බවට ඇතැමුන් සඳහන් කළ ද ධවල මන්දිරය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

