ජුනි මාසයේ ICCයේ ක්රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.
ඒ ගාල්ලේ පැවති ජය පරාජයෙන් තොරව අවසන් වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමිනුයි.
එසේම කොළඹ පැවති දෙවන ටෙස්ට් තරගයේදී ඔහු ලකුණු 158ක් ලබා ගනිමින් බංග්ලාදේශය ඉනිමකින් සහ ලකුණු 78කින් පරාජය පත් කිරීමට ද පැතුම් සමත් වුණා.
ඔහුට අමතරව ජුනි මාසය සඳහා දකුණු අප්රිකානු ක්රීඩකයින් වන Kagiso Rabada සහ Aiden Markram ද මේ සඳහා නිර්දේශ වී තිබෙනවා.
එක් එක් මාසය තුළ ක්රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICCය විසින් මාසයේ ක්රීඩකයා ප්රකාශයට පත් කිරීම සිදුකරයි.

