නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරවශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා පත්කිරීමට නියමිතයි.
මිට අදාළ යෝජනාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර එය කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.
දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා 2025-07-10 දිනට වයස අවුරුදු 60 සම්පුර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔහුගෙන් පසුව පුරප්පාඩු වන එම ධුරය සඳහා මෙම පත්කිරීම සිදු වනු ඇත.

