ඇමරිකාවේ Texas වලට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පැයකටත් අඩු කාලයකදී එම ප්‍රදේශයේ Guadalupe ගංගාව අඩි 26 (මීටර් 7.9) ක් ඉහළ ගොසින් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මාර්ග කිහිපයක් ගසාගෙන ගොස් දුරකථන මාර්ග අක්‍රිය වී ඇති ප්‍රාන්ත කිහිපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර සැන් ඇන්ටෝනියෝ සිට කිලෝමීටර් 104 (සැතපුම් 64.0) වයඹ දෙසින් කෙර්විල් නගරයෙන් පිටත කඳවුරක සිටි ගැහැණු ළමයින් 750 දෙනා අතර ළමුන් 25 දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ඛේදවාචකය භයානක සහ කම්පිත සිදු වීමක් බවට ප්‍රකාශ කර තිබෙනවා.

