ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට වාර්ෂිකව සිසුන් 150 දෙනෙකුට සීමා කළ යුතු බවට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම් අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එසේම උපරිම වශයෙන් දේශීය සිවිල් සිසුන් 100 දෙනෙකු ඇතුළත් කර ගත යුතු බවයි එම කමිටුව නිර්දේශකර ඇත්තේ.
ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශිකයන් සහ දේශීයයන් යන අනුපිළිවෙලින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවයි එම කමිටුව වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.
මේ එම කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ කිහිපයක්,



