මාස 06ට සුරාබදු ආදායම රුපියල් බිලියන 120 පසු කරයි

2025 වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබෙනවා.

එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6% ක ප්‍රගතියක් වීම විශේෂත්වයක්.

පසුගිය වසරේ රුපියල් බිලියන 226.7 ක් රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබෙනවා.

එසේම 2023 වසරේ රුපියල් බිලියන 178.6 ක් හා 2022 වසරේ රුපියල් බිලියන170.3 කද ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව බදු ශක්ති නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ ද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එයට සක්‍රීය දායකත්වයක් ලබා දී තිබෙනවා.