තවත් ලක්ෂ 9ක් ඊට ඉල්ලුම් කර තිබෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කළා.
එසේම මේ වන විට අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18ක පිරිසක් ප්රතිලාභ ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ග්‍රාමීය දිළිදුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති‘ ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියා.

