මිලියන 321.5ක අයෝජනයකින් වාරි සංවර්ධන ව්‍යාපෘති 27ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.
මෙම ව්‍යාපෘති අතරට ඇල මාර්ග ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම්, වැව් බැමි සහ වාන් මාර්ග වැඩිදියුණු කිරීම, වාරි මාර්ග නවීකරණය කිරීම මෙන්ම නියාමන පද්ධති ස්ථාපනය කිරීමද ඇතුළත් වනවා.
එසේම මෙම ආයෝජනය හරහා ගොවි ප්‍රජාවට සෘජුවම ප්රතිලාභ හිමිවනු ඇති බවත්, ජල ප්‍රවේශ මාර්ග ලබාදීම හරහා කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිදියුණු කෙරෙන බවයි වැඩිදුර අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම ව්‍යාපෘති තුළින් දිවයින පුරා ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් සඳහා දිරිගැන්වීමක් සැලසෙනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.

