බටහිර ගාසා තීරයේ සමාජ සේවා කරන පුද්ගලයන්, මාධ්‍යවේදීන් සහ ප්‍රදේශවාසීන් නිතර ගැවසෙන ජනප්‍රිය මුහුදුබඩ ආපනශාලවකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 20ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙරළ තීරයේ විවෘත කූඩාරම් සහිත ස්ථානයක් වන අල්-බකා කැෆේටීරියාවෙන් තුවාල ලැබුවන් බොහෝ සංඛ්‍යාවක් සහ මළ සිරුරු 20ක් පමණ ඉවත් කළ බවයි ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සිවිල් ආරක්ෂක ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා මෙතෙක් අදහස් දක්වා නැහැ.

